Pages

Monday, May 16, 2016

කුහක දරුවන්ගෙ අම්මා


කැලණිතිස්ස
නිරිදුන්ගෙන් පෙම්ලද
නුතන දුටුගැමුනුවන්ගෙන්
අවමන් ලද
කොමළිය කැලණිය

කරාමයෙන් එන පළිගු දිය
අම්මාගෙ පිවිතුරු ආදරය
බැවු
නොහදුනන
කුහක දරුවන්ගෙ අම්මා කැලණිය

දරු පෙමට නිමක් නැති
බුදුන් දුටු මුත්
කිසිදා නිවනට මගක් නැති
දැවි දැවි
දැවෙන්නිය කැළණිය

අමාවක අහසෙ සඳ පතනා නොදරුවන්ගෙන්,
උවටැන්  පතනා ,
අවනඩුවට පිලිසරණක් නැති
ඝන අඳුරෙ යාදින්නිය
කැලණිය


නිදන නිරිදො  තවත් වකුටුව
නිදන විසිහතර පැය ,
නොනිදා ගලයි
හෙටවත්  නොපිබිදෙන
කොළඹ මැද
වියපත්වු
බලාපොරොත්තුවෙ කැලණි ගග




















    සංකල්පනා
෴විමු ලියනගේ෴

6 comments:

  1. ඒත් මේ දවස් වල හරි දරුනු වෙලා....

    ReplyDelete
    Replies
    1. අම්මා කියන්නෙත් කාන්තාව කියන කුලකයෙ උප කුලකයක් නෙ.හැමදාම දරුනු නෑ. ජය වේවා!!!

      Delete
  2. දැන්නම් දෙගොඩ තලා යනවෝ...

    ReplyDelete
    Replies
    1. ඔය ආයි මුකුත් උනෙ නැ වගෙ යන්නෙ, ජය වේවා!!!

      Delete
  3. Replies
    1. තරවටුවක් විතරයි.ඇගිලි හතරක්ම ළමයිගෙ පැත්තට දික් වෙලා තියෙන්නේ. ජය වේවා!!!

      Delete