Pages

Monday, January 21, 2013

කිරට ඇය වඩියි

විදුලි මිණි පහන් කැට
       එකින් එක නෙතු පියයි
කාකි නිල මුර දරුවෝ
           මුර පොලේ නිදි කිරයි

පාලු වූ විදියේ රකුසු ඇස්
               කාමයෙන් සැරිසරයි

දිවා කල සිල් කොකුන්
               රහසින්ම  පවු  වඩයි
 
දෙනො දහක් නිදන පැය
            විලවුන් පිපිද ඉගි මරයි
සුවපිරි රථ, මොහොතකට
             සුව යහනාවන්   මවයි

කුලිය නොගෙවු කාමරයක
           බිලිදුකු මවු කිර සොයයි
හිස් වූ කුසට අහරක් නොගෙන
             පුතුගේ  කිරට  ඇය වඩියි
               
       .