Pages

Sunday, October 6, 2013

෴෴නිමා නොවනා වස්සානය෴෴



ඇසල තුරු සලා හිස්                      රිද්මයට
වියා කහ මලින් ගෙත්තම්               පාවඩට
සන්  කොට හේ මිතුරු වැසි        කොඩයට
අප තනි කලා මල් පිපෙනා වියන         යට

මුව ගොලු නමුදු නෙත්             දොඩමලුය
නුබ හසරැල් සරින් පැරදුනු     මල් ගොමුය
ගුමු ගුමු නදින් මුමුනන              බඹරුන්ය
රහසක් නොවෙ එහි ඇත්තෙ     පැතුමක්ය

තනිකම තනි කොට               ගිම්හානයෙ
ඉතින් අත දෙනු මැන               පෙම්වතිය
නැවුම් සුවදක් හා                             මුසුව  
නිමා නොවනා වස්සානයක         ඇරඹුමට෴


   



















(සංකල්පනා -- විමු ලියනගේ)