Pages

Thursday, July 24, 2014

නොහඩන් පුතුනි..!!!


ගිනි පුපුරු  විසිරි
සරු බිමම වැනසි,
පුතුනි
නුඹ මෙන්ම,
මතු දින
උපදින උන්ටද
හිමිය අහිමි බව

නොහඩන් පුතුනි..!!!
ඉකිබිදිනු කුමට
වපුරනු තබා
වැලලෙන්න
බිම් කඩක් අහිමි
අප,
එන තුරු  
හිදිමු
රත්වූ මුනිස්සම්
වෙස් ගෙන
මරනයෙ දෙව්දුව.
෴෴෴෴

(සංකල්පනා -- විමු ලියනගේ)