Pages

Tuesday, February 28, 2017

නුඹට ඇති ආලය හන්දා


පොඩි පුතයි
ලොකු පුතයි
දරුවන්ගෙ අම්මයි
මාත් එක්ක බඩගිනි
කටවල් සතරයි

ඉරට පස්සෙ හඳයි
හඳට පස්සෙ ඉරයි
නොනිමි ලෝදහමයි
හතිලන්න නිවනක්
නැති ජිවිතයයි

බොල් කැස්සයි
තද උණයි
හතියට පැලස්තර ගහන
දිගටි රෝස පෙත්තයි
රවුම් සුදු පෙති දෙකයි
දවසෙ පඩිය ඉවරයි

වැරහැලි ගවුමයි
වැහැරුනු ළයයි
ආදරය පිරුනු හදයි
ජිවිතයට පන පොවන
පොහොසත්ම ආදරයයි,
හද ගිනි නිවි
හෙටත්  පණ අදිමි
නුඹට ඇති ආලය හන්දා

෴෴ විමු ලියනගේ෴෴