Pages

Sunday, September 27, 2020

අවැසිය අධි මාත්‍රික ඔබ ප්‍රේමය


සුපුන් මුහුණකට වඩා 

සුදිලෙන ඔබේ  ප්‍රේමණීය 

හදවත ඇවැසිය 

දෙඅත්  තදින් අල්වා ගන්න ...


සිනමා පට  සිහින විජිත 

අතර නැති මහපොළොවක 

දෙපා තබා  එක්ව යන්නට 

අවැසිය විඩා නිවන 

ඔබෙ සිනහව .....


තුන් කල්හි  රිදුම් නසන 

ඇවැසිය අධි මාත්‍රික  ඔබේ ප්‍රේමය.!!!!





Tuesday, March 12, 2019

෴෴තුන්පත් සුවඳ෴෴



තාත්තා දාඩිය සුවඳයි
  අම්මා කිරි සුවඳයි
 මම ඕඩිකොලොන්
       සුවඳයි!!!
                                                             සංකල්පනා - විමු ලියනගේ.

Monday, March 11, 2019

කටු ඇනෙන හඳවත




කටු ඇනෙන හඳවත
අත ගා සනසනවද,
කටු අග පීපි රෝස
 මලේ!!!



(සටහන : විමුක්ති ලියනගේ)

Wednesday, March 6, 2019

෴෴සල්ලි෴෴


ගෙදර බල්ලොත්
මැරෙති බඩගින්නේ,
හරි හම්බු නොකලොත් 
බල්ලොත් නොකන සල්ලි.

(සටහන : විමුක්ති ලියනගේ)

Monday, March 4, 2019

෴෴භාවනාව෴෴


නොසිතා
ඇය ගැන
ඉන්නට හැකිනම්,
සසර දිගුය මෙමා හට..

සිත් පිත් නැති
මුරුගයෙක්ට පමණි හැකි 
සිහි නොකට ඉන්නට
උකටලීව.
ඇය දෙතොලින්
     තැවරු 
අනන්ත ප්‍රේමය!

උනා කමටහන්
අබිනිශ්කමනය
කරමි මං,
අමාවක අහස යට
රහසින් නික්මෙන
 බෝ තුරු පතක්
ලෙස,
පතමින් ඇය තුරුලෙහිම
 නිවන්.

ඉතින් අවසරයි
මහ හිමියනි.....!

සටහන : විමුක්ති ලියනගේ