Pages

Wednesday, August 2, 2017

කවියක් ලියන්නට

කවියක් ලියන්නට
දමා පදමට
මහප්‍රාණ
ප්‍රාණය නිරුද්ධ
එකෙකුවත් නැතිද
ගොසිප් පුවතක
දැවටුන

උදයම පිබිදි
මහා කරුණාවෙන්
ඩෙටා කපාගෙන
ඇස් ගෙඩි නෙරාගෙන
ඇගිලි තුඩු තලා ගෙන
වල් පල් කුණු පුවත්
සොයා ගෙන
කවියක් ලියන්නට
සැරසෙන්නේ මෙමා අද,

පස් කන්දකට යටව
එහෙමත් නැතිනම්
කුණු කන්දකට යටව
නාස් පුඬු සිරව
හිරු නොදකින
රටවැසි‍යෝද,

කිඹුලෙක් නැතිනම්
දිය බරියෙක්
අරන් ගිහින් කැලි කොට
ඉතිරි උනැ
අතුනුබහන් ද
සදැසකට අමුණමි මම

මග මරුවෙක්, යකඩ යකෙක්
ආජානිය ස්කුටරයක්
බඩ උඩින් ගියපු
ජිවිතයක් රස කර කර
දුක් රසයෙන් කවි කොට
 වළදමි මං

ප්‍රේමයෙන් මන මත්වු
විවාහයෙන් යලි පන ලත්
හුස්ම ගන්න මහලු හදත්
සංස්කෘතිකව ඝාතනය කර
සංදේශයක් කොට
වළලමි මං පෙට්ටගමක් තුල

ආදරය පෙරේත කමක්
යැයි
ආදර ගාථා පැටලි
පිහි තුඩින් නිවන්පුරට
පාර පෙන්නු
කුකුල් කෙන්ති කාරයන්
නිදොස් කොට නිදහස් කරමි මං
මළ ඇය මනමේ කුමාරියක් කොට

උන්ට වෙන සෙතක් නැත
මටද ඇති වැඩක් නැත
ස්වං වින්දන කවි ලියමි
සයිබර් හිඩැසේද
පන අදිනා කඩදාසි පිටුවකද
කවියෙක්යැයි
හංවඩු ගසා ගනු පිනිසම


෴෴ විමු ලියනගේ෴෴





Tuesday, February 28, 2017

නුඹට ඇති ආලය හන්දා


පොඩි පුතයි
ලොකු පුතයි
දරුවන්ගෙ අම්මයි
මාත් එක්ක බඩගිනි
කටවල් සතරයි

ඉරට පස්සෙ හඳයි
හඳට පස්සෙ ඉරයි
නොනිමි ලෝදහමයි
හතිලන්න නිවනක්
නැති ජිවිතයයි

බොල් කැස්සයි
තද උණයි
හතියට පැලස්තර ගහන
දිගටි රෝස පෙත්තයි
රවුම් සුදු පෙති දෙකයි
දවසෙ පඩිය ඉවරයි

වැරහැලි ගවුමයි
වැහැරුනු ළයයි
ආදරය පිරුනු හදයි
ජිවිතයට පන පොවන
පොහොසත්ම ආදරයයි,
හද ගිනි නිවි
හෙටත්  පණ අදිමි
නුඹට ඇති ආලය හන්දා

෴෴ විමු ලියනගේ෴෴






Wednesday, October 12, 2016

සියල්ලෝ මෙසේය


සිනා සෙමු අප නොදැක හෙට උදා      දින
හෙට හඬයි අප නොදැක ඉන් මතු        දින
පැතුමන් සිත් තුල පැල කර නිදමි අද    දින
සිනහව පමනක් දකිනා අටියෙන් සැම  දින
෴෴ විමු ලියනගේ෴෴

Sunday, July 24, 2016


බියර බදුනක
පතුල සිදෙන විට
හදවත පිරි
උතුරා එයි
මම
එළියට


Wednesday, June 8, 2016

සුමට සිහින අපිට මොටද

පාන් ගෙඩිය හය දෙනෙක්ම
කඩන් කාපු,
වතුර බිලා බඩ පැලෙන්න
පැදුර හපන් නිදාගත්තු,

හිරු මිය ගිය කුටුම්බයක ,
කුප්පි ලාම්පුව නිව්වොත්
ළුලියෙන්
තෙල් ටික  ඉතුරුයි හෙටටත්


ගල් අන්නාසි තලලා
කට කහ කහ රහට කාපු
සීනි නැතුව බී කහට උගුර
පාන් පැලට මල් පුදාපු

කලු වැස්සිගෙ  සුදු හද පලුවයි
නලල් තලෙ හැඩ  කරාපු
නානා ඇවිත් හෙට්ටු කරලා
ඌ අරගෙන යන්න ගියපු

මොනා උනත්  දුකට සැපට
ලගම හිටපු කැහැටු බල්ලා
නමක් තියන්නත් බැරි උනා
නයා ගහලා වළලනකම්


අම්මා ගොහින් තකහනියක්
ගෙනවිත් දැම්මත් ජිවම් සුරයක්
හෙනහුරු අපලෙට නගාට ,
නුල කඩන් සරුංගලය
පැනලා ගියා සුරසේන එක්ක

දුප්පත් කම උරුම උන්ට
හීන දකිනවට අහස උසට
දෙයියො දුන්න දඩුවමක් ඕක
කට ගොන්නක් බි ගෙන
මහතුන් මාමා කියපි දිනක

හැකිය කටට රහට කාලා ඉන්න
ගියොත් පොඩි සාදු වෙන්න
බඩ අල්ලන් බඩපිස්සා  කියපු විටක
හිතුනා මට කනේරු ඇට හපන්න

පොල් අතු වහලින්,හිරි පොද 
හොරා පනින විට හිස මත
උළු කැට , හුනු බිත්ති මැවෙයි
මිරිගු හිනයක්  සේ ඇස් අග

දර අහුලා,ගල් කඩලා
නොහැක පුතේ ගොඩට යන්න
මටත් හිතේ ජොසී වගේ
මරු කතරෙ කාසි ඇන්න
එන්න යන්න 

අම්මා ඕනෙ නැ කොහෙවත්
අපිව දාලා  නැව් නගින්න
මට ඇහැකියි  මුලු පවුලට
තාත්තා වගේ කන්න දෙන්න

ස්කොලේ ජෝගියක්නෙ
හාමත් අපි වගේ උන්ට
දෙයියො උනත් ඇස් අරින්නෙ
කාසි වැටෙන විට පඩුරට

උනා දමා නිල් කො කලිසම
මට පුලුවනි ගස් නගින්න
කොඹ හතේ බංගලාවක
බල්ලො උනත් ලාගන්

සුමට සිහින අපිට මොටද
තිබ්බත් ඇති වැඩක් ඇද්ද
කලු ගල් උඩ රෝස මලක්
පිපි වැනෙනු දැකිය හැකිද?