ප්‍රිය සාද හතරැස් .. කුටියේ
නෙක පාට විච්චූරණ.. දිලියේ
දිගු කෙහෙරලි සලනා සුකුම.. ලියේ
ඔය රුවට මානෙතු ඇවිලේ
නොහැකි තවත් ආලය සගවා ලන්න
මට හැකිද ඔබ වෙත ලං වන්න
ඇසුවෙමි සෙමින්,තනිකම් දුර ලන්න
ලැබුනෙමි කස්තිරම් කන පුරවා ලන්න
මධුවිතට බැහැ මගේ නෙතු රවටන්න
පෙරලා නොහැක ආදරයට අත ඔසවන්න
දෙවියන්ටත් වරදින හැටි මෙන්න
මැව්වේ කිම්ද,යටි රැවුලක් ඈ සිත් රිදවන්න
Thursday, December 13, 2012
Sunday, December 9, 2012
මට මාංශයක්
දිලිසෙන පොසිලේන් බඳුනක
යහන් ගතව
වංශක්කාර හැඳි ගැරුප්පු අතින්
සුව සම්බාහන ලබන්නට
සුරුපිනියක දිවග
සෞමව දැවෙටන්නට
කොහිද වෙන උන් මෙන්
මට මාංශයක්,
Thursday, October 25, 2012
ඉගිලුනු සැටි හැඩකාර
හැඩපලු ගැසුනු සමනල කෝෂ,
මේරුණු විට වි තද පාට
දළඹු බඩගිනිකාර
උන් නැත හැඩකාර,
මැරුණු වියළි කොළ පාට
විසිරෙන සද මදනල හා යාව,
සොයමින් මකරන්ද
ඉගිලුනු සැටි හැඩකාර......
(සංකල්පනා -- විමු ලියනගේ)
Tuesday, October 23, 2012
දෙගම්බඩ මහරජුනි, නින්දාවක් නොවනු වස්
දෙගම්බඩ මහරජුනි,
නින්දාවක් වු සැටි නිල්වලා නින්දගමටම
සකපෝරුවට මැටි පිඩක්ද
වැලි බත් පිසුමට වැලි අහුරක්ද
සාපිපාසවට පැන් දෝතක්ද
ගන්නා උන් , නසා දමන....
දෙගම්බඩ මහරජුනි,
නින්දාවක් නොවනු වස් , නිල්වලා නින්දගමටම
විලිස්සනු තියුනු දත්,
විලිස්සනු තියුනු දත්,
ටිපර් වලින් වැලි පටවන
බැකෝ වලින් ඉව්රු බිදින
නින්දගමම නිදන් කණින
කොපුල් වලින් තෙල් බේරෙන
දියවන්නා නෑදෑයෝ, නස්නු වස්....
එකකු වුව හතර'වරිගෙට සෑහෙන......
(සංකල්පනා -- විමු ලියනගේ)
෴෴෴෴෴ නිමිත්ත෴෴෴෴
දැනමුතු පරිසරවේදිහූ දක්නා ලෙස කිඹුලා යනු බුද්ධිමත් සතෙකි. එමෙන්ම කසළ ශෝධකයෙකි
Monday, October 22, 2012
මලාලා යූසොෆ්සායි
මළකුරු මිහිදන් කරවු
ස්වාන් මිටියාවතේ
පිපුණු
සුවද තඹර මල
අන්ධ ලබ්ධික ලෝම පිරි
ගෝත්‍රික බැටලු කුර පහරින්
තිඹිරි ගෙහිම සුසුම්ලන
සත්තයි,
.
නුඹ යලි සුපිපෙනු ඇත
ස්වර්ගය කම්පිත කරනු වස්,
නුඹේ විරු සුවඳින් උදම්ව
ස්වාන්හි දියණියෝ
ලොම් කබා මසනු ඇත
ඔව් මසනු ඇත
නග්න බැටලු රැල අපාගත කොට
(සංකල්පනා -- විමු ලියනගේ)
෴෴෴නිමිත්ත෴෴෴
මලාලා යූසොෆ්සායි පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ මින්ගෝරා හි බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස වෙනුවෙන් තලේබාන්වරුන්ගේ නීතියට, එරෙහිව හඬ නැගූ මානව කි‍්‍රයාකාරිනියකි. තලේබාන් තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් හිසට මරණීය තුවාල සිඳුවන විට ඇය 14 හැවිරිදි වියේ පසුවුවාය.
Sunday, October 21, 2012
Saturday, October 20, 2012
මරංචි මොනරෙක්
ස්වර්ණමයැයි සිතු
රාඡකිය මරංචි මොනරෙක්
යටත්වැසි විඡිතයේ,
පිල් විදහා රගන රැගුමි
මනරමි,
දුටිමි උගේ අපරභාගෙන්
යාථර්ථයේ සරදමි
(සංකල්පනා -- විමු ලියනගේ)
බඩගෝස්තරවාඳය ගැබ් ගැනිම
බාදුරා මලක මධුවිතට
ලපටි මල් කිමි වන් පා ඇති
නිල්ම නිල් ඇස් ඇති
පුංචිම පුංචි
දගකාර සමනලයෙක්
යන සැටි බලන් නෑ සුනු කන්
බාදුරා මලක
මධුවිතට
(සංකල්පනා -- විමු ලියනගේ)
අපේ අප්පචිචීගේ ගමන
මකුළු දැලක්
මාදැලක වියන ලද
කියයි අපේ අප්පචිචීගේ
සාගර ගමන
නැගෙයි රළ පෙර සේම
නමුදු, නැත
ඔහු තාම
සිතෙහි එකවරම
පිසලන්න මකුලු දැල
එපා යයි කියනු ඇත
ඔහු එනතුරැ ඉකිබිදින ඇය
මකුළුවනි වියනු තව
ඔහු එනතුරැ මතුදාක........
(සංකල්පනා -- විමු ලියනගේ)
සිත්තරාවි ඉකි බිදි.......
සාවියන් දඩයම
සාවියන් දඩයමට
කුමට ගිනි අවි අතට
මසෙහි වටිනා කමට
දෙනු තනි මිලක්
සාවියගේ ලැමට
(සංකල්පනා -- විමු ලියනගේ)
Labels:
සිතුවිලි
malabe, Sri lanka
Samanala Mawatha, Malabe, Sri Lanka
Friday, October 19, 2012
තව සුරකිමට
ඉගෙනුම ලබනට
අයිතින් රැකූමට
අද නොව මතු දින
තව සුරකිමට
ගෙන යන සටනට
දහදිය හෙලුමට
යොමුවන කොලු කැල
තව මෙහෙ වීමට
ගතෙහි රැහිරය
තව රත් විමට
තව සිත් සියයක්
හෙට පිබිදිමට
දැස් හැරෙනු මැන
රැක්මට විපරිත රට
( සංකල්පනා -- විමු ලියනගේ)
සදවත නුඔයි
Subscribe to:
Posts (Atom)