Pages

Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Tuesday, June 17, 2014

රංග,මොහොමඩ්,සෆ්නා,රාජා,කුමා



රංග,මොහොමඩ්,සෆ්නා,රාජා,කුමා

අඩේ,

අපි ඔක්කොම

අත්වැල් බැදන්,

එක හුස්මක් අරන්

හින වුනා දැන් ඇතිද…???

මිනී කන කපුටන්ට
බදු දුන්න දේශයක
ජාතිවාදි අකුණු
ගිනි තබන දේශයක,
ආගමේ අනුහසින්
කඩු කිනිසි පොලු මුගුරු
පන ගසා
මනුසතුන්
බිලි ගන්නා
අඳුරුම කලක,
එක හුස්මක් අරන්
අපි
හින හෙන්නෙ කෝම…..



එක හඩින්
හද ගැහෙනා
අපට
දිව ගිලි මිය ගියත්
ලේ බොන්න බැහැ
මචන්
පිසාචයන් ලෙසට….



Sunday, October 6, 2013

෴෴නිමා නොවනා වස්සානය෴෴



ඇසල තුරු සලා හිස්                      රිද්මයට
වියා කහ මලින් ගෙත්තම්               පාවඩට
සන්  කොට හේ මිතුරු වැසි        කොඩයට
අප තනි කලා මල් පිපෙනා වියන         යට

මුව ගොලු නමුදු නෙත්             දොඩමලුය
නුබ හසරැල් සරින් පැරදුනු     මල් ගොමුය
ගුමු ගුමු නදින් මුමුනන              බඹරුන්ය
රහසක් නොවෙ එහි ඇත්තෙ     පැතුමක්ය

තනිකම තනි කොට               ගිම්හානයෙ
ඉතින් අත දෙනු මැන               පෙම්වතිය
නැවුම් සුවදක් හා                             මුසුව  
නිමා නොවනා වස්සානයක         ඇරඹුමට෴


   



















(සංකල්පනා -- විමු ලියනගේ)

Saturday, August 17, 2013

කැඩපත වෙහෙස වෙනු කුමට

දුලී වැසුනු

පරපුරෙන් පරපුර

තම හැඩයයි

රැවටු,

කලුවර රාමුකර

 කැඩපත දිනක්

මට පවසයි


බලපන් උබෙ නලල

පලලයි

හිසකෙ හිග හිස මැදටම

හුරුවක් ඇත

පෙර  කලක

හො හො

මතක් විය

ඒ නුඹෙ දැන උගත් පියාගෙ හුරුව


බලපන් ඔය ඇගිලි

සියුමැලි වැඩි නොවැ

පිරිමිකමට

මතකයි  දුහුලි පිසින විට

මා මත

එහි රැදුනු ස්පර්ශය

ඒ නම් නුඹ මවගේ සෙනෙහෙබර සියුමැලිබව



නුඹ ගත පුරා ඇත්තෙ

මා ඉදිරි‍යෙ

වියපත්

බන්ධුවරුන්ගෙ

හැඩය



නමුදු

බලපන්  උඹගෙ හිත

නැ නොවැ කිසි හුරුවක්

සිමාවක්

හැඩතලයක්

එහි ඇදුන

මින් පෙර කල උන් කිසිවකු හා ඇදුන


`කැඩපත වෙහෙස වෙනු කුමට

ඔබ මගෙන් නොදකින

මම ඔබෙන් නොදකින

එහි ඇත්තෙ තනිකර මගෙ හුරුව….

මගේම හැඩය...

 

(සංකල්පනා -- විමු ලියනගේ)

 


Monday, May 13, 2013

රතු රෝස මල




ආදරයේ අනුරාගික හැඟුමෙන්
රත් පැහැ වූ දෙතොලින්
ලොවටම රහසින්
මිමුණු පෙමක
පැතුමන්..
හිරුද හිරු කිරණින්
සොමිද සොමි කිරණින්
ලියා තබනු ඇත සෑම රතු රෝස මලකම
පෙති අතරෙහි 
ආදරයේ
නොනිමි
රසයෙන්…..

අතැඟිලි පටලා
කෙළිලොල්ව
සුසිනිදු වැලි තලයේ
අප තැබු අතීත පෙම් සටහන්
දියවි සුසුදු රළ හා...
සැගවෙනු ඇත
මුතුසේ වෙස්ගෙන ,
සුවිසල්වූ  නීල හදවත පතුලෙහි
ආදරයෙ නිර්මල පැහැයෙන්……..

නිමක් නොමැති දිවි ගමනේ
යම්  මතු  දිනයක ඔබේ නමින් 
වෙනකෙකු පුදන
රතු රෝස මලකද
ඔබට  දැනෙනු මැන
මා පැතු
නොනිමි පෙමක පැතුමන්
සුපුරුදුවූ ම සුවඳින්.............





 

Saturday, May 4, 2013

දුරින් පිපුනු සිනාසෙන පෙමට



නොහෙලන ඇසි පිය අතරින්
බලා හිදියි ඔබ  දෙස
කියා ගත නොහෙකි
අමුතුම රස රහසක්
නලියයි , දග කරමින්
දෙතොල් මත ,
නුහුරු රුවක් මත් කරමින්  මා දැස
කියන්නට බල කරයි
එම රහස…..

සිනා සෙන මුව මඩල
බොහොම දුරයි
මා නෙතට
නමුදු ඇසේ ලයාන්විත
සිනහ නද
සිහින ලොවින් මගේ දෙසවනට,
කොඳුරන්න එම රහස
ලංවිය හැකිනම්  මට
අද හෙටම…..

එම රහසේ මුදු බව දැනේ නම්
යම් දිනක
ඔබෙ  හදවතට
සෙමින් එය සිපගන්න
මා සිත සුවපත් වෙනු පිනිස!!!