Pages

Tuesday, June 17, 2014

රංග,මොහොමඩ්,සෆ්නා,රාජා,කුමා



රංග,මොහොමඩ්,සෆ්නා,රාජා,කුමා

අඩේ,

අපි ඔක්කොම

අත්වැල් බැදන්,

එක හුස්මක් අරන්

හින වුනා දැන් ඇතිද…???

මිනී කන කපුටන්ට
බදු දුන්න දේශයක
ජාතිවාදි අකුණු
ගිනි තබන දේශයක,
ආගමේ අනුහසින්
කඩු කිනිසි පොලු මුගුරු
පන ගසා
මනුසතුන්
බිලි ගන්නා
අඳුරුම කලක,
එක හුස්මක් අරන්
අපි
හින හෙන්නෙ කෝම…..



එක හඩින්
හද ගැහෙනා
අපට
දිව ගිලි මිය ගියත්
ලේ බොන්න බැහැ
මචන්
පිසාචයන් ලෙසට….



No comments:

Post a Comment