ඇසල තුරු සලා හිස් රිද්මයට
වියා කහ මලින් ගෙත්තම් පාවඩට
සන් කොට හේ මිතුරු වැසි කොඩයට
අප තනි කලා මල් පිපෙනා වියන යට
මුව ගොලු නමුදු නෙත් දොඩමලුය
නුබ හසරැල් සරින් පැරදුනු මල් ගොමුය
ගුමු ගුමු නදින් මුමුනන බඹරුන්ය
රහසක් නොවෙ එහි ඇත්තෙ පැතුමක්ය
තනිකම තනි කොට ගිම්හානයෙ
ඉතින් අත දෙනු මැන පෙම්වතිය
නැවුම් සුවදක් හා මුසුව
නිමා නොවනා වස්සානයක ඇරඹුමට෴
''වසන්තය නිම නොවේ කිසිම දිනෙක....''
ReplyDeleteලස්සන නිර්මාණයක් !!
ජය !
ස්තූතියි ඹබට
Deleteකාලෙකින් නේද? මාස දෙකතුනකට වරක් ඇවිත් යන සුහද කවි සිතුවිලි. වස්සානය නිමා නොවෙනවනම් හොඳයි
ReplyDeleteඔව් කාලෙකින්,බොහොම ස්තුතියි ඔබට...!!! ඔබගෙ මග පෙන්විම් සහ අදහස් ලොකු දිරියක්.යහපත් ඇසුරන් නිසා වස්සානය නිම නොවෙවි.
Delete