Pages

Saturday, August 18, 2018

෴෴ඉස්සරහින් බහිනෝ෴෴


නගින්න නගින්න
 138 කොටුව කඩවත,
ජොඩු ජොඩු  කොනක
කසු කුසු,
නාකි උන් බලයි
හපනවද උන් තොල

බාබුල් විටක් කා මත් උන
කොන්දා වනමින් විලක්කුව
ගිනිගෙන සර්වාංගය
ගසමින් දුම්මල
එලවයි සැමන් ටින් පරසක්වලට
මැදින් වමට වෙනවකෝ දකුණට
කියමින් මගී පිසාචයන්ව


මක්කම යන්න පාස්පෝට්
ඔෆිසියට ආ මොහොමඩ්
දඹදිව වඩින්න කඩදහි ඇන්න යන
මැගිලින්
එක්ව බනියි
සහජිවනෙන් එක හඩින්
කුරුසය කරේ දමා ගත්
බස් රියදුරු තුමාට අර්ශස්


ඕම් ඕම් ඕම්
 මෝක්ෂය
සාදු සාදු සාදු
 නිවන
ආමේන් ආමේන්
ස්වර්ගරාජ්ජය

දාඩිය දමයි
ගුද වාතය නිහඩව හමයි
හකුලමින් නාස් පුඩු
දමා මුලු වීරිය
මා
බහිනවා ඉස්සරහින්
ඕයි දාලා යනවා
අදට මා මගින්

ඕම්  ඕම්  ඕම්
  මෝක්ෂය
සාදු සාදු සාදු
   නිවන
ආමේන් ආමේන්
 ස්වර්ගරාජ්ජය


෴෴ විමු ලියනගේ෴෴