Pages

Wednesday, October 12, 2016

සියල්ලෝ මෙසේය


සිනා සෙමු අප නොදැක හෙට උදා      දින
හෙට හඬයි අප නොදැක ඉන් මතු        දින
පැතුමන් සිත් තුල පැල කර නිදමි අද    දින
සිනහව පමනක් දකිනා අටියෙන් සැම  දින
෴෴ විමු ලියනගේ෴෴

Sunday, July 24, 2016


බියර බදුනක
පතුල සිදෙන විට
හදවත පිරි
උතුරා එයි
මම
එළියට


Wednesday, June 8, 2016

සුමට සිහින අපිට මොටද

පාන් ගෙඩිය හය දෙනෙක්ම
කඩන් කාපු,
වතුර බිලා බඩ පැලෙන්න
පැදුර හපන් නිදාගත්තු,

හිරු මිය ගිය කුටුම්බයක ,
කුප්පි ලාම්පුව නිව්වොත්
ළුලියෙන්
තෙල් ටික  ඉතුරුයි හෙටටත්


ගල් අන්නාසි තලලා
කට කහ කහ රහට කාපු
සීනි නැතුව බී කහට උගුර
පාන් පැලට මල් පුදාපු

කලු වැස්සිගෙ  සුදු හද පලුවයි
නලල් තලෙ හැඩ  කරාපු
නානා ඇවිත් හෙට්ටු කරලා
ඌ අරගෙන යන්න ගියපු

මොනා උනත්  දුකට සැපට
ලගම හිටපු කැහැටු බල්ලා
නමක් තියන්නත් බැරි උනා
නයා ගහලා වළලනකම්


අම්මා ගොහින් තකහනියක්
ගෙනවිත් දැම්මත් ජිවම් සුරයක්
හෙනහුරු අපලෙට නගාට ,
නුල කඩන් සරුංගලය
පැනලා ගියා සුරසේන එක්ක

දුප්පත් කම උරුම උන්ට
හීන දකිනවට අහස උසට
දෙයියො දුන්න දඩුවමක් ඕක
කට ගොන්නක් බි ගෙන
මහතුන් මාමා කියපි දිනක

හැකිය කටට රහට කාලා ඉන්න
ගියොත් පොඩි සාදු වෙන්න
බඩ අල්ලන් බඩපිස්සා  කියපු විටක
හිතුනා මට කනේරු ඇට හපන්න

පොල් අතු වහලින්,හිරි පොද 
හොරා පනින විට හිස මත
උළු කැට , හුනු බිත්ති මැවෙයි
මිරිගු හිනයක්  සේ ඇස් අග

දර අහුලා,ගල් කඩලා
නොහැක පුතේ ගොඩට යන්න
මටත් හිතේ ජොසී වගේ
මරු කතරෙ කාසි ඇන්න
එන්න යන්න 

අම්මා ඕනෙ නැ කොහෙවත්
අපිව දාලා  නැව් නගින්න
මට ඇහැකියි  මුලු පවුලට
තාත්තා වගේ කන්න දෙන්න

ස්කොලේ ජෝගියක්නෙ
හාමත් අපි වගේ උන්ට
දෙයියො උනත් ඇස් අරින්නෙ
කාසි වැටෙන විට පඩුරට

උනා දමා නිල් කො කලිසම
මට පුලුවනි ගස් නගින්න
කොඹ හතේ බංගලාවක
බල්ලො උනත් ලාගන්

සුමට සිහින අපිට මොටද
තිබ්බත් ඇති වැඩක් ඇද්ද
කලු ගල් උඩ රෝස මලක්
පිපි වැනෙනු දැකිය හැකිද?




Saturday, June 4, 2016

මනමේ විහින් මැරුනා


මනමේ මනමේ නැගිටපන්
මනමේ උඹ
නිදිද...

මනමේ මැරිලද,
නැ,
මනමේ මරලා,
අහෝ දෙවියනි
මනමේ මරලා....

උබට දෙයියොන්ගෙ හාල් කැවිලද
මනමේ විහින් මැරුනා,

අර කාල වර්ණ
අහිංසක මස්
වැද්දාට
මනමේ
මරන්න උනා......


ඇය  කැමති පිරුනු මස් ගොබ
පුලුල් උරතල ,වැදි රජුන්ටත්
තියෙන්නට ඇති
උරතලෙ බිඳ දුන් ලේ රසින්
සාපිපාසයත්  නිවෙන්නට  ඇති,

සමුරායි කඩු පතකට වඩා මුවහත්
සිහිය සිදලන රාග අසිපත,
කුමරි හදවත කවන්ධයක් කල බැව්
නොවටහා ගත්තේ ඇයිද  මනමේ ,මදුසමේවත්




කුමාරි , කුමාරි
කැමති මස් වැද්දෙක් එක්ක
පලයන්
තව
මනමේලා
මරන්නෙ නැතුව.

සංකල්පනා
෴විමු ලියනගේ෴ 

නිමිත්ත :  අපි ඔක්කොම මනමේලා, වැද්දො සහ කුමාරියො.

Monday, May 16, 2016

කුහක දරුවන්ගෙ අම්මා


කැලණිතිස්ස
නිරිදුන්ගෙන් පෙම්ලද
නුතන දුටුගැමුනුවන්ගෙන්
අවමන් ලද
කොමළිය කැලණිය

කරාමයෙන් එන පළිගු දිය
අම්මාගෙ පිවිතුරු ආදරය
බැවු
නොහදුනන
කුහක දරුවන්ගෙ අම්මා කැලණිය

දරු පෙමට නිමක් නැති
බුදුන් දුටු මුත්
කිසිදා නිවනට මගක් නැති
දැවි දැවි
දැවෙන්නිය කැළණිය

අමාවක අහසෙ සඳ පතනා නොදරුවන්ගෙන්,
උවටැන්  පතනා ,
අවනඩුවට පිලිසරණක් නැති
ඝන අඳුරෙ යාදින්නිය
කැලණිය


නිදන නිරිදො  තවත් වකුටුව
නිදන විසිහතර පැය ,
නොනිදා ගලයි
හෙටවත්  නොපිබිදෙන
කොළඹ මැද
වියපත්වු
බලාපොරොත්තුවෙ කැලණි ගග




















    සංකල්පනා
෴විමු ලියනගේ෴

Saturday, April 23, 2016

සයුරට මෙන්

ගඟක කදුලු බිදුවෙන් බිදුව
රූරා  ගොස්  ගං කොපුල් තෙමා
එක්ව් හැඩුවා මහා හඩින්
සයුරෙ රළ ලෙස බිදෙමින්

ඇත්නම් සැකයක් ගෙන කදුලු
බිදක් ඇගිලි තුඩු මතට දිවගා බලන්,
දැනෙවි සයුරට මෙන් ඔබටද
උරුම දුක් රසයක්





(සංකල්පනා -- විමු ලියනගේ)

Tuesday, April 5, 2016

රූබර මලක්



රූබර මලක්
මිය යන දින
රන් සමනලුන් නැත
රොනට වඩින්නෙ

ඉහඳ පනු කැල
සිප සිප
මළකුණ වළඳන්නෙ 





Thursday, March 3, 2016

෴෴රිදුමක්෴෴





අවොත් මදනලක්
ගිලිහුනු මලත්
යාවි තබා
රිදුමක් බංකුව මත