Pages

Wednesday, August 2, 2017

කවියක් ලියන්නට

කවියක් ලියන්නට
දමා පදමට
මහප්‍රාණ
ප්‍රාණය නිරුද්ධ
එකෙකුවත් නැතිද
ගොසිප් පුවතක
දැවටුන

උදයම පිබිදි
මහා කරුණාවෙන්
ඩෙටා කපාගෙන
ඇස් ගෙඩි නෙරාගෙන
ඇගිලි තුඩු තලා ගෙන
වල් පල් කුණු පුවත්
සොයා ගෙන
කවියක් ලියන්නට
සැරසෙන්නේ මෙමා අද,

පස් කන්දකට යටව
එහෙමත් නැතිනම්
කුණු කන්දකට යටව
නාස් පුඬු සිරව
හිරු නොදකින
රටවැසි‍යෝද,

කිඹුලෙක් නැතිනම්
දිය බරියෙක්
අරන් ගිහින් කැලි කොට
ඉතිරි උනැ
අතුනුබහන් ද
සදැසකට අමුණමි මම

මග මරුවෙක්, යකඩ යකෙක්
ආජානිය ස්කුටරයක්
බඩ උඩින් ගියපු
ජිවිතයක් රස කර කර
දුක් රසයෙන් කවි කොට
 වළදමි මං

ප්‍රේමයෙන් මන මත්වු
විවාහයෙන් යලි පන ලත්
හුස්ම ගන්න මහලු හදත්
සංස්කෘතිකව ඝාතනය කර
සංදේශයක් කොට
වළලමි මං පෙට්ටගමක් තුල

ආදරය පෙරේත කමක්
යැයි
ආදර ගාථා පැටලි
පිහි තුඩින් නිවන්පුරට
පාර පෙන්නු
කුකුල් කෙන්ති කාරයන්
නිදොස් කොට නිදහස් කරමි මං
මළ ඇය මනමේ කුමාරියක් කොට

උන්ට වෙන සෙතක් නැත
මටද ඇති වැඩක් නැත
ස්වං වින්දන කවි ලියමි
සයිබර් හිඩැසේද
පන අදිනා කඩදාසි පිටුවකද
කවියෙක්යැයි
හංවඩු ගසා ගනු පිනිසම


෴෴ විමු ලියනගේ෴෴