ආදරයේ අනුරාගික හැඟුමෙන්
රත් පැහැ වූ දෙතොලින්
ලොවටම රහසින්
මිමුණු පෙමක
පැතුමන්..
හිරුද හිරු කිරණින්
සොමිද සොමි කිරණින්
ලියා තබනු ඇත සෑම
රතු රෝස මලකම
පෙති අතරෙහි
ආදරයේ
රසයෙන්…..
අතැඟිලි පටලා
කෙළිලොල්ව
සුසිනිදු වැලි තලයේ
අප තැබු අතීත පෙම් සටහන්
දියවි සුසුදු රළ හා...
සැගවෙනු ඇත
මුතුසේ වෙස්ගෙන ,
සුවිසල්වූ නීල හදවත
පතුලෙහි
ආදරයෙ නිර්මල පැහැයෙන්……..
නිමක් නොමැති දිවි ගමනේ
යම් මතු දිනයක ඔබේ නමින්
වෙනකෙකු පුදන
රතු රෝස මලකද
ඔබට දැනෙනු මැන
මා පැතු
නොනිමි පෙමක පැතුමන්
සුපුරුදුවූ ම සුවඳින්.............
No comments:
Post a Comment