Pages

Thursday, December 13, 2012

කෙහෙරලි සලනා සුකුම.. ලි‍යේ

ප්‍රිය සාද හතරැස්    ..                කුටියේ
නෙක පාට විච්චූරණ..              දිලියේ
දිගු කෙහෙරලි සලනා සුකුම..     ලි‍යේ
ඔය රුවට මානෙතු                 ඇවිලේ


නොහැකි තවත් ආලය සගවා       ලන්න
මට හැකිද ඔබ වෙත ලං              වන්න
ඇසුවෙමි සෙමින්,තනිකම් දුර      ලන්න
ලැබුනෙමි කස්තිරම් කන පුරවා    ලන්න


මධුවිතට බැහැ මගේ නෙතු             රවටන්න
පෙරලා නොහැක ආදරයට අත       ඔසවන්න
දෙවියන්ටත් වරදින හැටි                  මෙන්න
මැව්වේ කිම්ද,යටි රැවුලක් ඈ සිත්     රිදවන්න

2 comments:

  1. මුල්ම වතාවට අද මේ පැත්තට ආවා..

    කවිටික නම් ලස්සනයි . ඒත් නිසදැස් ආකෘ.ිය ගැනත් බලන්න නිරන්තරයෙන් ප්‍රවීන කවීන්ගේ කවිපොත් සහ සති අන්ත පුවත්පත්වල කවි පිටු බලන්න එතකොට කිවය ගැන නිවැරදි අවබෝධයක් අරන් තව හොඳට ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හදවතට සාදරයෙන් ඔබව පිලිගන්නවා.මගපෙන්විමට බොහොම ස්තුතියි,තව ලියන්න ලොකු සවියක්.

      Delete