එකින් එක නෙතු පියයි
කාකි නිල මුර දරුවෝ
මුර පොලේ නිදි කිරයි
පාලු වූ විදියේ රකුසු ඇස්
කාමයෙන් සැරිසරයි
රහසින්ම පවු වඩයි
දෙනො දහක් නිදන පැය
විලවුන් පිපිද ඉගි මරයි
සුවපිරි රථ, මොහොතකට
සුව යහනාවන් මවයි
කුලිය නොගෙවු කාමරයක
බිලිදුකු මවු කිර සොයයි
හිස් වූ කුසට අහරක් නොගෙන
පුතුගේ කිරට ඇය වඩියි
.
No comments:
Post a Comment