පාන් ගෙඩිය හය දෙනෙක්ම
කඩන් කාපු,
වතුර බිලා බඩ පැලෙන්න
පැදුර හපන් නිදාගත්තු,
හිරු මිය ගිය කුටුම්බයක ,
කුප්පි ලාම්පුව නිව්වොත්
තද කළුවට කලියෙන්
තෙල් ටික ඉතුරුයි හෙටටත්
ගල් අන්නාසි තලලා
කට කහ කහ රහට කාපු
සීනි නැතුව බී කහට උගුර
පාන් පැලට මල් පුදාපු
කලු වැස්සිගෙ සුදු හද පලුවයි
නලල් තලෙ හැඩ කරාපු
නානා ඇවිත් හෙට්ටු කරලා
ඌ අරගෙන යන්න ගියපු
මොනා උනත් දුකට සැපට
ලගම හිටපු කැහැටු බල්ලා
නමක් තියන්නත් බැරි උනා
නයා ගහලා වළලනකම්
අම්මා ගොහින් තකහනියක්
ගෙනවිත් දැම්මත් ජිවම් සුරයක්
හෙනහුරු අපලෙට නගාට ,
නුල කඩන් සරුංගලය
පැනලා ගියා සුරසේන එක්ක
දුප්පත් කම උරුම උන්ට
හීන දකිනවට අහස උසට
දෙයියො දුන්න දඩුවමක් ඕක
කට ගොන්නක් බි ගෙන
මහතුන් මාමා කියපි දිනක
හැකිය කටට රහට කාලා ඉන්න
ගියොත් පොඩි සාදු වෙන්න
බඩ අල්ලන් බඩපිස්සා කියපු විටක
හිතුනා මට කනේරු ඇට හපන්න
පොල් අතු වහලින්,හිරි පොද
හොරා පනින විට හිස මත
උළු කැට , හුනු බිත්ති මැවෙයි
මිරිගු හිනයක් සේ ඇස් අග
දර අහුලා,ගල් කඩලා
නොහැක පුතේ ගොඩට යන්න
මටත් හිතේ ජොසී වගේ
මරු කතරෙ කාසි ඇන්න
එන්න යන්න
අම්මා ඕනෙ නැ කොහෙවත්
අපිව දාලා නැව් නගින්න
මට ඇහැකියි මුලු පවුලට
තාත්තා වගේ කන්න දෙන්න
ස්කොලේ ජෝගියක්නෙ
හාමත් අපි වගේ උන්ට
දෙයියො උනත් ඇස් අරින්නෙ
කාසි වැටෙන විට පඩුරට
උනා දමා නිල් කොට කලිසම
මට පුලුවනි ගස් නගින්න
කොළඹ හතේ බංගලාවක
බල්ලො උනත් බලාගන්න
සුමට සිහින අපිට මොටද
තිබ්බත් ඇති වැඩක් ඇද්ද
කලු ගල් උඩ රෝස මලක්
පිපි වැනෙනු දැකිය හැකිද?
Wednesday, June 8, 2016
Saturday, June 4, 2016
මනමේ විහින් මැරුනා
මනමේ මනමේ නැගිටපන්
මනමේ උඹ
නිදිද...
මනමේ මැරිලද,
නැ,
මනමේ මරලා,
අහෝ දෙවියනි
මනමේ මරලා....
උබට දෙයියොන්ගෙ හාල් කැවිලද
මනමේ විහින් මැරුනා,
අර කාල වර්ණ
අහිංසක මස්
වැද්දාට
මනමේ
මරන්න උනා......

ඇය කැමති පිරුනු මස් ගොබ
පුලුල් උරතල ,වැදි රජුන්ටත්
තියෙන්නට ඇති
උරතලෙ බිඳ දුන් ලේ රසින්
සාපිපාසයත් නිවෙන්නට ඇති,
සමුරායි කඩු පතකට වඩා මුවහත්
සිහිය සිදලන රාග අසිපත,
කුමරි හදවත කවන්ධයක් කල බැව්
නොවටහා ගත්තේ ඇයිද මනමේ ,මදුසමේවත්
කුමාරි , කුමාරි
කැමති මස් වැද්දෙක් එක්ක
පලයන්
තව
මනමේලා
මරන්නෙ නැතුව.
සංකල්පනා
෴විමු ලියනගේ෴
නිමිත්ත : අපි ඔක්කොම මනමේලා, වැද්දො සහ කුමාරියො.
Subscribe to:
Posts (Atom)