හදවත
Pages
Home
Saturday, April 23, 2016
සයුරට මෙන්
ගඟක කදුලු බිදුවෙන් බිදුව
රූරා ගොස් ගං කොපුල් තෙමා
එක්ව් හැඩුවා මහා හඩින්
සයුරෙ රළ ලෙස බිදෙමින්
ඇත්නම් සැකයක් ගෙන කදුලු
බිදක් ඇගිලි තුඩු මතට දිවගා බලන්,
දැනෙවි සයුරට මෙන් ඔබටද
උරුම දුක් රසයක්
(සංකල්පනා -- විමු ලියනගේ)
Tuesday, April 5, 2016
රූබර මලක්
රූබර මලක්
මිය යන දින
රන් සමනලුන් නැත
රොනට වඩින්නෙ
ඉහඳ පනු කැල
සිප සිප
මළකුණ වළඳන්නෙ
Thursday, March 3, 2016
෴෴රිදුමක්෴෴
අවොත් මදනලක්
ගිලිහුනු මලත්
යාවි තබා
රිදුමක් බංකුව මත
Friday, December 25, 2015
ආදරණිය සැන්ටා!
ආදරණිය සැන්ටා!,
සැන්ටො සැන්ටො
මට
කෝකා කොලා ඕන..
නත්තල් ගහට පාට පාට
බල්බ්
ඕන...
කෙල්ලට දෙන්න
තැගි
ඕන....
ඊට පස්සෙ
රැට සෙට් එකත් එක්ක
බොන්න ඉස්තරම්
රතු වයින් ඕන,
කැමති නම්
රොස් චිකන් කාලා
අපිත් එක්ක සින්දු කියල
හිම මුවා පාර්ක් කරලා
යමුද
සෙක්සි ලෙග් අතර චිල් වෙන්න
නයිට් කලබ්....................
අම්මා ආච්චි රොටි කැවට
සියා තාත්තා කොස් කැවට
පොස් මට එව්වා
ඇලජික්
ඉතලියන් රහට හදපු අනියන් පිසාම
ඕන..
එක්කො
මට තැගි එපා
බල්ලොත් නොකන
සල්ලි දෙන්න,
උන්ට කන්න
බජට් වලින් සහන
දුන්නු ඉස්තරම් කැම
ගන්න
නැතිනම් ක්‍රෙඩිට් කාර්ඩ්
එකක් හරි
ඔෆර්ස් ගොඩයි
මේ දවස්වල
30% 40% හිටන්
කානිවල් මියුසිකල් ෂෝ
එකි මෙකි නොකි
ආතල් ගොඩයි,
දෙවියන් දකින්න කලින්
කවර් කරන්න
ඇරියස් ගොඩයි
ලියන්න බැ
ඔක්කොම
ඉවසුමක් නැ මට
මල් වෙඩි
බලන්න
ආආ ....
තව ටිකෙන් අමතක
වෙනවා,
SEX & Love
කොන්සට් ඇහෙන දුරින්,
ටකරන් ලැලි ටයර්
ලට්ට ලොට්ට
එකතු කරපු
මුඩුක්කු අට්ටාල
sex & love ` තියා
අතපය දිග
හැර නිදන්න ඉඩක් නැති
උන්,
දෙයියන්ගෙ නාමෙන්
හිම කැටෙ වගෙ තියෙන්න එපැයි
සැන්ටා
එනකොට
අපේ මෙගා සිටි එකට,
ඩොසර් කරලා
ගද ගහන
දුප්පත් කම,
පාට පාට
කොන්ක්‍රිට්
තට්ටු අස්සෙ
අහස උසට
ජේත්තුවට හංගන්න,
කොන්ත්‍රාතුව
දුන්නොත්
මගෙ ඩැඩාට,
සීයට දහයක්
නත්තල් බොනස්
ගරුකටයුතු
ඇමතිතුමාටම
තමයි!!!
මීට,
විකිනෙන සැන්ටට ආදරෙ කරන
ජුදස් පරපුරක
෴විකෘති෴
(සංකල්පනා -- විමු ලියනගේ)
Wednesday, November 25, 2015
ලොව'තුම් ආදර රසින්
සඳ ඇවිදින් තනි අහසට හැඩ දුන්නා
තරු පිපිලා සඳ වට තනියත් මැකුවා
විසල් අහස යට මල් කැකුලන් පරදා
පින්බර දිනක මා ඇයගෙ පුතු වුවා
ඇය
පාන සිනා කිරිකැටි මටම
ඉනා
උරුමෙ සේම අරුමෙත්
ඇයම තමා..
මා නෙතු ගැසුණු
කුළුදුල් හිරු කැරලි සිනා ..
උතුරන දරු සෙනහෙන්
කිරි මුහුදම කලතා..
ලොව'තුම් ආදර රසින්
ළයෙහින් ගැලුවා
රජකු වුවද නැලවෙන ආදරයයි
අම්මා෴෴
(සංකල්පනා -- විමු ලියනගේ)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)