Pages

Friday, December 25, 2015

ආදරණිය සැන්ටා!

ආදරණිය සැන්ටා!,

සැන්ටො සැන්ටො
මට
කෝකා කොලා ඕන..
නත්තල් ගහට පාට පාට
බල්බ්
ඕන...
කෙල්ලට දෙන්න
තැගි
ඕන....

ඊට පස්සෙ
රැට සෙට් එකත් එක්ක
බොන්න ඉස්තරම්
රතු වයින් ඕන,

කැමති නම්
රොස් චිකන් කාලා
අපිත් එක්ක සින්දු කියල
හිම මුවා  පාර්ක් කරලා
යමුද
සෙක්සි ලෙග් අතර චිල් වෙන්න
නයිට් කලබ්....................

අම්මා ආච්චි රොටි කැවට
සියා තාත්තා කොස් කැවට
පොස් මට එව්වා
ඇලජික්
ඉතලියන් රහට හදපු අනියන් පිසාම
ඕන..

එක්කො
මට තැගි එපා
බල්ලොත් නොකන
සල්ලි දෙන්න,
උන්ට කන්න
බජට් වලින් සහන
දුන්නු  ඉස්තරම් කැම
ගන්න

නැතිනම් ක්‍රෙඩිට් කාර්ඩ්
එකක් හරි
ඔෆර්ස් ගොඩයි
මේ දවස්වල
30% 40% හිටන්

කානිවල් මියුසිකල් ෂෝ
එකි මෙකි නොකි
ආතල් ගොඩයි,
දෙවියන් දකින්න කලින් 
කවර් කරන්න
ඇරියස් ගොඩයි

ලියන්න බැ
ඔක්කොම
ඉවසුමක් නැ මට
මල් වෙඩි
බලන්න 

 ආආ ....
තව ටිකෙන් අමතක
වෙනවා,


SEX & Love
කොන්සට් ඇහෙන දුරින්,
ටකරන් ලැලි ටයර්
ලට්ට ලොට්ට
එකතු කරපු
 මුඩුක්කු  අට්ටාල
 sex & love ` තියා
අතපය දිග
හැර නිදන්න ඉඩක් නැති
උන්,

දෙයියන්ගෙ නාමෙන්
හිම කැටෙ වගෙ තියෙන්න එපැයි
සැන්ටා
එනකොට
අපේ මෙගා සිටි එකට,
 
ඩොසර් කරලා
ගද ගහන
දුප්පත් කම,
පාට පාට
කොන්ක්‍රිට්
තට්ටු අස්සෙ
අහස උසට
ජේත්තුවට හංගන්න,
කොන්ත්‍රාතුව
දුන්නොත්

මගෙ ඩැඩාට,
සීයට දහයක්
නත්තල් බොනස්
ගරුකටයුතු
ඇමතිතුමාටම
තමයි!!!


 මීට,
විකිනෙන  සැන්ටට ආදරෙ කරන
 ජුදස් පරපුරක
෴විකෘති෴


(සංකල්පනා -- විමු ලියනගේ)














8 comments:

  1. අයියෝ සල්ලි කිව්වාලු....

    සැන්ටා ට දුක හිතෙයි බන් උඹේ මේ කවිය දැකලා...

    ReplyDelete
  2. මචං විමූ.. උඹේ ලිපිය ලැබුණාය... කරන්න දෙයක් නැතය. වව්චර් හැර දෙන්ට දෙයක් නැත.. මේ වව්චරෙං උඹට කැමති දෙයක් කොරගන්නය
    --මීට සැන්ටාය...

    ReplyDelete
    Replies
    1. කලිසම් පොඩ්ඩෙක් මහා ගත්තෙමි.

      Delete
  3. මේ තමා අැත්ත බං............

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත නැති වෙන්න ඕන. ජය වේවා!!!

      Delete
  4. මග නැවතිලා මොකෝ...

    ReplyDelete
    Replies
    1. මහන්සියි.ජිවත් වෙන්න දුවලා.

      Delete