Pages

Wednesday, November 25, 2015

ලොව'තුම් ආදර රසින්

සඳ ඇවිදින් තනි අහසට හැඩ  දුන්නා
තරු පිපිලා සඳ වට තනියත්   මැකුවා
විසල් අහස යට මල් කැකුලන් පරදා
පින්බර දිනක මා ඇයගෙ පුතු   වුවා

ඇය
පාන සිනා කිරිකැටි මටම
ඉනා
උරුමෙ සේම අරුමෙත්
ඇයම තමා..

මා නෙතු ගැසුණු
කුළුදුල් හිරු  කැරලි සිනා ..
උතුරන දරු සෙනහෙන්
කිරි මුහුදම   කලතා..
ලොව'තුම් ආදර රසින්
ළයෙහින් ගැලුවා
 රජකු වුවද නැලවෙන  ආදරයයි
අම්මා෴෴


(සංකල්පනා -- විමු ලියනගේ)

Monday, November 23, 2015

෴රෝස මල් මිතුරිය෴


මොළකැටි
පොහොට්ටුවක  මුවමත
තොලගෑ කිරි බිදුවින්
පණ ලද
පිපී සුවඳින් රුවින්
හිනහෙන
යෞවනයේ රෝස මල්
මිතුරිය......

සිතල දෙතොල් යට
විසකුරු දළින් හින හෙන
සලැලු සමනල
පහස නොසයන්
රෝස මල්
මිතුරිය

ඇවිත් දැවටි
සුවද ගෙන යන
චංචල සුළගින්
ආත්මයේ
සළුව  රැක ගනු
මැන

රෝස මල් මිතුරිය

සොරාගෙන
ඔබෙ නග්න රුව
තරු අතර
ඔබ මරවන
පැපරාසි
තෙවැනි ඇසින්
වහන් වෙනු මැන
රෝස මල් මිතුරිය

ගෙන දෝතින් නුඹ
දෝවනය කොට
තබා ප්‍රේමයෙ පුජාසනය
මත
පරවි නොයන ලෙස
ආල පැන්
ඉසිනා
කුමරුන්
පැමිණෙන තුරු
වසා වත කමල
නොඉදුල් සුවදින්
ඉවසුනු මැන
 රෝස මල්  යෙහෙළිය෴෴෴

(සංකල්පනා -- විමු ලියනගේ)