Monday, November 23, 2015
෴රෝස මල් මිතුරිය෴
මොළකැටි
පොහොට්ටුවක මුවමත
තොලගෑ කිරි බිදුවින්
පණ ලද
පිපී සුවඳින් රුවින්
හිනහෙන
යෞවනයේ රෝස මල්
මිතුරිය......
සිතල දෙතොල් යට
විසකුරු දළින් හින හෙන
සලැලු සමනල
පහස නොසයන්
රෝස මල්
මිතුරිය
ඇවිත් දැවටි
සුවද ගෙන යන
චංචල සුළගින්
ආත්මයේ
සළුව රැක ගනු
මැන
රෝස මල් මිතුරිය
සොරාගෙන
ඔබෙ නග්න රුව
තරු අතර
ඔබ මරවන
පැපරාසි
තෙවැනි ඇසින්
වහන් වෙනු මැන
රෝස මල් මිතුරිය
ගෙන දෝතින් නුඹ
දෝවනය කොට
තබා ප්‍රේමයෙ පුජාසනය
මත
පරවි නොයන ලෙස
ආල පැන්
ඉසිනා
කුමරුන්
පැමිණෙන තුරු
වසා වත කමල
නොඉදුල් සුවදින්
ඉවසුනු මැන
රෝස මල් යෙහෙළිය෴෴෴
(සංකල්පනා -- විමු ලියනගේ)
Subscribe to:
Post Comments (Atom)
මාර අදහසක් නෙ විමුක්ති. ලස්සනට ලියල තියෙනව. ජය වේවා.
ReplyDeleteජයම වේවා!!!
Deleteලස්සනයි මචං කවිය.. තැක දෙක්ක ඉස්පිලි පාපිලි අඩු වෙලා තියෙයි..
ReplyDeleteඒ ටික හදහන්
ජයවේවා
පුලුවන් විදියට හැදුවා මචන්.ස්තුතියි.
Deleteනොඑලුවද සුදු සළුව
ReplyDeleteසෙවීමට ඉදුල්බව
රෝස මල් මිතුරිය පමණක් නොව
ඉවසාපන් නුඹද රෝස මල් මිතුර...
සුදු සලුවක රතු තිත් සොයන්නා
Deleteඉදුල් උනත් කුස ගින්නට කන්නා
සලු මත නොබලමි රතු ලප මානා
ඉවසමි ලැබෙන තුරු හද ඉල්ලනා
Lassanai aluth ekata comment karanda ba, balanda.
ReplyDeleteඑහෙම අවුලක් නම් තෙරුනේ නැ.ආයි උනොත් කියන්න.ජය වේවා!
Delete