Pages

Monday, November 23, 2015

෴රෝස මල් මිතුරිය෴


මොළකැටි
පොහොට්ටුවක  මුවමත
තොලගෑ කිරි බිදුවින්
පණ ලද
පිපී සුවඳින් රුවින්
හිනහෙන
යෞවනයේ රෝස මල්
මිතුරිය......

සිතල දෙතොල් යට
විසකුරු දළින් හින හෙන
සලැලු සමනල
පහස නොසයන්
රෝස මල්
මිතුරිය

ඇවිත් දැවටි
සුවද ගෙන යන
චංචල සුළගින්
ආත්මයේ
සළුව  රැක ගනු
මැන

රෝස මල් මිතුරිය

සොරාගෙන
ඔබෙ නග්න රුව
තරු අතර
ඔබ මරවන
පැපරාසි
තෙවැනි ඇසින්
වහන් වෙනු මැන
රෝස මල් මිතුරිය

ගෙන දෝතින් නුඹ
දෝවනය කොට
තබා ප්‍රේමයෙ පුජාසනය
මත
පරවි නොයන ලෙස
ආල පැන්
ඉසිනා
කුමරුන්
පැමිණෙන තුරු
වසා වත කමල
නොඉදුල් සුවදින්
ඉවසුනු මැන
 රෝස මල්  යෙහෙළිය෴෴෴

(සංකල්පනා -- විමු ලියනගේ)




8 comments:

  1. මාර අදහසක් නෙ විමුක්ති. ලස්සනට ලියල තියෙනව. ජය වේවා.

    ReplyDelete
  2. ලස්සනයි මචං කවිය.. තැක දෙක්ක ඉස්පිලි පාපිලි අඩු වෙලා තියෙයි..
    ඒ ටික හදහන්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පුලුවන් විදියට හැදුවා මචන්.ස්තුතියි.

      Delete
  3. නොඑලුවද සුදු සළුව
    සෙවීමට ඉදුල්බව
    රෝස මල් මිතුරිය පමණක් නොව
    ඉවසාපන් නුඹද රෝස මල් මිතුර...

    ReplyDelete
    Replies
    1. සුදු සලුවක රතු තිත් සොයන්නා
      ඉදුල් උනත් කුස ගින්නට කන්නා
      සලු මත නොබලමි රතු ලප මානා
      ඉවසමි ලැබෙන තුරු හද ඉල්ලනා

      Delete
  4. Lassanai aluth ekata comment karanda ba, balanda.

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් නම් තෙරුනේ නැ.ආයි උනොත් කියන්න.ජය වේවා!

      Delete