Pages

Monday, March 4, 2019

෴෴සරල ගැමි ගෙම්බෙක්෴෴


ගෙම්බෝ උභය ජීවින්ය.  දිගටි කකුල්ය.  දැල් සහිත ඇඟිලිය. සෙවල සහිත සමය.සමහරුන්ගේ සමේ ගැටය. දිව දමා මැසි මදුරු පනුවන් අල්ලා ගිලින්නෝය. දිය ගොඩ සැම තැන බක බක ගාන්නෝය. දෙපා මානවයන්ට අනුව අප නිකන්ම නිකන් ගෙම්ඹන්ය. අපට ලොව පෙනෙන්නේ ද්වීමාන දැලක් ලෙසය. අප මෝඩය. ආච්ච්ගේ රෙද්දය. මම අකුරුපත් කරන්නේ අපේ  බහූමාන ලෝකයයි.

පිට ශීත රටවල් වල රතුම පාට තොල් ඇති සුදුම සුදු සැමැතී ගෙම්බියන් සිටින බවත්, උන් මුහුදු වැල්ලේ අව්ව තපින බවත්, රාත්‍රියට ආජූ තපර ලාලීලා යැයි ගිනි ගොඩවල් වටා නටන බවත්, දවසක් ලන්ඩන් සිට  පැමිනී ජම්බෝ නම් ඇටකිච්චෙක් මා සමඟ කිව්වේය. බොරු කියන්න එපා බං වගේ බැල්මක් ඇටකිච්චාට  මම හෙලුවෙමි. අම්මපා සත්තයි කියා ඌ දහ පාරක් උඩ පැන්නේය.

"ඇට ගෙම්බා ගෙට පැන්නා
ගේ නෝනා උඩ පැන්නා " යැයි ගෙදර වැඩකාර කොලුවා සරම කඩා ගෙන දිව්වේය. පතරංග දිය නයෙක් කියා ඇටකිච්චා, වැඩකාර කොලුවාගේ අංග ජාතකයට  නිරපරාදයේ බියවී මළේය.  ඇටකිච්චා මගේ අතිජාත මිත්‍ර්යාය. ලබන මස බර්ගර් සුදු ගෙම්බියක් හා විවාහ වන්නට සුදානමින් උන්නේය. එවන් ලස්සන ගෙම්බියක් ලබන්නට පෙර පින තිබෙන්නට ඕනැය. ඌත් පව්කාරයෙක් ලෙස මළේය. මගේ පැතුමද ඇය වන් සුන්දර සෙවල ලලනාවක  හා විවාහ කරගන්නටය. ඇතැම් විට වියෝ දුකින් පෙළෙන ඇය මට දැන් කැමති වන්නට හැකිය. මිතුරා නිසා වම් ඇසේ  උපන් කදූළුය, දකුණු ඇසේ  ඔහුගේ ප්‍රියම්බිකාව නිසා උපන් සතුටු කදුළුය.බක බක දුක මැද පුන් සඳ වන් සතුටය.

මා පමණක් නොව සැම ගෙම්බෙක්ගේම  පැතුම රාජ කුමාරිකාවක් සරණ යාමටය. ඕක මේ සුරන්ගනා කතාවක් ඇත්ත කියා සිතා ගෙන අග මුල පටලවා ගැනිමක් බව රැඩිකල් ගස් ගෙම්බෙක් කිව්වේය. ඇත්තම කතාව ගෙම්බන් පමනක් නොව ගෙම්බියන්ගේ පැතුමද රාජ කුමාරයෙක් සරණ යාමය. අවසානයේ සිහින කුමරා කුමරිය හමු නොවී සම  රැලි වැටී තම ජාතිය බෝ කරන්නට අවකාසයක් නොලබා වසරකට දහස් ගණනින් අවුට් ඩේටට් වෙනවාය. ඊට පසු ලොන්ත බුරුස් ගහල ගෙම්ඹෙක් හෝ ගෙම්ඹියක් බදිනවාය.


අපේ සීයලාගේ කාලේ ජිවිත හරි සරලය. දකින ඒකා සමග ලිවින් ටුගෙදය. කාර් වෑන්, තට්ටු ගෙවල් එදා උන් නොපැතු බවත්, අහුවෙන මැස්සෙක්, ගෝවා කොලයක් කා සතුටින් ජිවත් උන බවත්,
ආලිංගනයට දම්රෝ  ඩබල් ලේයර් මෙට්ට නොපැතූ බවත්, ආලින්දයේ හෝ පිට කහන හබරල ගසක් මුල හෝ ජාතියට තම යුතුකම ඉෂ්ට සිද්ධ කර වීර පුතුන්වූ බවත් විටක් හපමින්, ලොඳ ගෙවුනු දණහිස් පොල්කටු අත ගාමින්, ගොම්මන් වේලාවක මාගේ දිවන්ගත සීයා පුරාජේරුවෙන් කී සැටි අද වාගේ මතකය. ඒ කාලේ
හැම ඳිය කඩිත්තකම, ඇල දොලකම  පැපොල් ඇට මාල වැනි ගෙඹි බිත්තර වැල්ලූ. චැන් චුන් ගාන ගෙඹි තොත්ත බේබිලාලූ.  ඒ කිව්වේ ඉස්ගෙඩියෝය. ඒ කාලේ රෝම යකඩ ගෙම්ඹන් පවා අපට අභි‍යෝග නොකල බවත්, එසේ කළහොත් යකඩ සැට්ට තැලෙන්න ගුටි පුජා ලබන්නට වන බවත් උන් දැන් ඉන්නට ඇතිය.
70 ගණන් වල ආර්. ජේ. ගෙඹි රජතුමා හදුන්වාදුන් පුන්චි පවුල රත්තරං සංකල්පය අප ගෙඹි සනුහරේම අවසානයට පාර කැපූ බව කියමින් අනගාරික මණ්ඩුකතුමා ලිං පතුලට පැන්නේය. ඌගේ රෙද්ද තමයි කී ඇසලින් මණ්ඩුක උපාසක මාතාව, අනගාරික බැල්ම ඇති වසවර්ති ගෙබි පැටවුන් සිය දෙනා සමග  පිට පොත්තට ඇලුනූ බඩවල් අත ගගා වෙසක් දන්සල දෙසට පැන පැන ගියාය.

මේ  රට හැමදාම විනාස කරපූ රදළ ගෙම්බන් වෙනුවට සරල ගැමි ගෙම්බෙක් රජ කරන්නට ලියුම්කරු වන මමද සෑම තත්පරයක්ම තරුන ගෙඹි  පරපුර සමග කට්ට කැවේය, සිහින දුටුවෙමි. සිහිනය යාථාර්තයක් විය. දැන් පැන පැන ගිය කාලේ ඉවරයි රාළේ කී සිනමාරිස් ගෙඹි මලයා ලැම්බෝගිනියක් පදවන සැටී අභීනයෙන් රගපා පෙන්නුවේය. ජන්ද කැම්පේන් දවසකද බෙල්ල මිරිකා කානුවකට තමා විසි නොකරේ මන්දැයි කියමින් කරපු අපුල අතාත්වික රංගනයට වඩා මෙම අභිනය කොතරම් අකුටිල, නිර්මල පැතුමක්දැයි මට සිතුනි.


මහත්මාගාන්ධ් වගේ සරල නායකයෙකුගෙන් අපට ගත හැකි පරමාදර්ශ මොනවාදයි මුල් ගුරු පණ්ඩුක ඇහුවම, තමාගේ පාසලටම ඉදපු  වසවර්තියා වූ, ඇම්ඩන් ගස් ගෙම්බා දුන් පිලිතුර පොරොන්දු ඉටු නොකරන , මහජන මතයට අපර භාගය පෙන්වන, සෑම සරල හෝ සංකීර්න ගෙඹි රජෙකුටම ආදාළ බව සිනමාරිස් ගෙඹි මලයා කසියා බී කෙළ ගසමින් , ලැම්බෝගිනි එන්ජීමක් මෙන් දැවෙමින්,වේදනාවෙන් අප හා කී සැටි මට තවම මතකය.

එය මතු පරපුරේ උන්ටද දැන ගන්ට ලියා තබමී.
                               "නිරතුරුවම වෙඩි නොවදින කබායක් ඇද සිටින්න"


x

1 comment: