Pages

Wednesday, November 25, 2015

ලොව'තුම් ආදර රසින්

සඳ ඇවිදින් තනි අහසට හැඩ  දුන්නා
තරු පිපිලා සඳ වට තනියත්   මැකුවා
විසල් අහස යට මල් කැකුලන් පරදා
පින්බර දිනක මා ඇයගෙ පුතු   වුවා

ඇය
පාන සිනා කිරිකැටි මටම
ඉනා
උරුමෙ සේම අරුමෙත්
ඇයම තමා..

මා නෙතු ගැසුණු
කුළුදුල් හිරු  කැරලි සිනා ..
උතුරන දරු සෙනහෙන්
කිරි මුහුදම   කලතා..
ලොව'තුම් ආදර රසින්
ළයෙහින් ගැලුවා
 රජකු වුවද නැලවෙන  ආදරයයි
අම්මා෴෴


(සංකල්පනා -- විමු ලියනගේ)

7 comments:

  1. ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
  2. //රජකු වුවද නැලවෙන ආදරයයි
    අම්මා//
    හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.කොමෙන්ටුවක් කියන්නෙ හයියක්.ජය වේවා!

      Delete
  3. අගෙයි............. නිර්මාණ සියල්ල ම ලස්සනයි... දිගට ම ලියන්න... ඒකයි වටින්නේ.....

    අපේ සින්ඩියටත් දාගත්තා.... අජිත් කුමාර තමා පාර කිව්වේ....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සින්ඩියට එකතු කරගත්තු එකට බොහොම ස්තුතියි. ජය වේවා!!!

      Delete
  4. අගේයි නුබේ මේ හිතට නැගෙන කල්පනා...
    ලියපන් හැමදාම මේ ලෙස මට ලංවේලා...
    කියනට නොහැකිය උඹ මට කොච්චර අගනා...
    ලියපන් තවත් මේ වගේ රස සංකල්පනා....
    කියවන විටදි නෙතඟට කඳුලැලිි ගලනා...

    ReplyDelete