Pages

Tuesday, February 28, 2017

නුඹට ඇති ආලය හන්දා


පොඩි පුතයි
ලොකු පුතයි
දරුවන්ගෙ අම්මයි
මාත් එක්ක බඩගිනි
කටවල් සතරයි

ඉරට පස්සෙ හඳයි
හඳට පස්සෙ ඉරයි
නොනිමි ලෝදහමයි
හතිලන්න නිවනක්
නැති ජිවිතයයි

බොල් කැස්සයි
තද උණයි
හතියට පැලස්තර ගහන
දිගටි රෝස පෙත්තයි
රවුම් සුදු පෙති දෙකයි
දවසෙ පඩිය ඉවරයි

වැරහැලි ගවුමයි
වැහැරුනු ළයයි
ආදරය පිරුනු හදයි
ජිවිතයට පන පොවන
පොහොසත්ම ආදරයයි,
හද ගිනි නිවි
හෙටත්  පණ අදිමි
නුඹට ඇති ආලය හන්දා

෴෴ විමු ලියනගේ෴෴






6 comments:

  1. නැගී සුසුම් නිම් නොවනා බවක් නැතී
    පෙඟී දුකින් දිවියම තව ගිලෙනු ඇතී
    හැඟී ගියත් සතුටක් දුර නොවනු ඇතී
    දුගී දිවියෙ ඉරණම මේ ලෙසින් වෙතී.......

    මුල්ම වතාවට මාත් ආවා මේ පැත්තට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුගී දිවියෙ ඉරණම මේ ලෙසින් වුවෝත්
      මනුසතුන් ලෙසට අපට නොවෙයි ජයක්
      වෙන්නට හැකි නම් උන් හට අත් වාරුවක්
      පිලිගනිමි ඔබත් හදවතට එකම සිතින්

      ජයවේවා!!!

      Delete
  2. ටිකක් කෙටියි..

    එත් ගොඩක් රහයි...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හැමදාම ඇවිත් යනවට ස්තුතියි!

      ජයවේවා...!!!

      Delete
  3. ඉරට පස්සෙ හඳයි
    හඳට පස්සෙ ඉරයි
    නොනිමි ලෝදහමයි
    හතිලන්න නිවනක්
    නැති ජිවිතයයි
    මේකනම් පට්ටයි

    ReplyDelete