Pages

Showing posts with label බයිල රසට. Show all posts
Showing posts with label බයිල රසට. Show all posts

Monday, August 11, 2014

ඒකමතිකව වෙරිමත වෙනවා...!!!!


සිනි  ඊස්ට් 
කටු කම්බි සමග කටුස්සො 
ගොඩා බැරල් වලින්
පෙරාලා
හැංගි හැංගි
සදන
කසිප්පු,
කලවිටි  බඩවැටි
අතරින් රිංගා
බිලා වැටෙන
තුන්වෙනි පන්තියෙ
අප්පුහාමිලා…………

රාලහාමිලාට
නැතුවම බැරි
සංස්ථාවෙ  
සිල් අරක්කු
පල් රස  නෑ කසිප්පු වාගෙ,
මේක තමයි
මධ්‍ය පාන්තික
පොදු ජන පානෙ
තහනම් නෑ නෑ  කවදත් හොර බඩු වාගෙ

දිව පැටලෙන ඉංගිරිසි ලොකු ලොකු නම්
එක එක රසයෙන්
නැව් නැග එන වයිවාරන බෝතල්
තොල කට ගාන්නෙත්
පෙර පින් කළ උතුමන්
මැම්බර් වාගෙ අපෙ
ගම්මානෙ නම්...


තිතට මතද? මතට තිතද?  
               නිදිමතින්  
          කවුදො  අහනවා,

   කොහොමින් කොහොමත්
        අපෙ උන් බොනවා.
              අන්තිමෙදි 
        අපෙ ඔක්කොමගෙ
     මත මත මත
            ඒකමතිකව
       වෙරිමත
             වෙනවා...!!!!



   (බයිල රසට සංකල්පනා -- විමු ලියනගේ)