සිනි ඊස්ට්
කටු කම්බි සමග කටුස්සො
කටු කම්බි සමග කටුස්සො
ගොඩා බැරල්
වලින්
පෙරාලා
හැංගි හැංගි
සදන
කසිප්පු,
කලවිටි බඩවැටි
අතරින් රිංගා
බිලා වැටෙන
තුන්වෙනි පන්තියෙ
අප්පුහාමිලා…………
රාලහාමිලාට
නැතුවම බැරි
සංස්ථාවෙ
සිල් අරක්කු
පල් රස නෑ කසිප්පු වාගෙ,
මේක තමයි
මධ්‍ය පාන්තික
පොදු ජන
පානෙ
තහනම් නෑ නෑ කවදත් හොර බඩු වාගෙ
දිව පැටලෙන
ඉංගිරිසි ලොකු ලොකු නම්
එක එක රසයෙන්
නැව් නැග
එන වයිවාරන බෝතල්
තොල කට
ගාන්නෙත්
පෙර පින්
කළ උතුමන්
මැම්බර්
වාගෙ අපෙ
ගම්මානෙ නම්...
අන්තිමෙදි
අපෙ ඔක්කොමගෙ
මත මත මත
ඒකමතිකව
වෙරිමත
වෙනවා...!!!!
ඒකමතිකව වෙරිමත වෙනවා...!!!! ඒක සැබැයි සැබැයි සැබැයි...
ReplyDeleteඒක සැබැයි සැබැයි සැබැයි...
Deleteබ්ලොග් එක අපේ දර්ශකයටත් ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න අපේ සින්ඩියට පිවිසුම.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
සිත සතුටින් එවමි.
Deleteවෙරිවීම කියන්නෙ මූලික අවශ්‍යතාවයක් වෙලාද මන්දා ලංකාව ඇතුලෙදි..
ReplyDeleteසිහියෙන් හිටියම හිතන්නෙ මුන් කුඩු බිලා කියලලු.......මෙක ලංකාවනෙ.
Deleteඒක මතිකව වෙරි වෙන්න නං කීප දෙනෙක් එකට බීල ඔක්කම එක ගානට වෙරි වෙන්න ඕන ඒකට තමයි ඒකමතිකව වෙරි වෙනව කියන්නෙ
ReplyDeleteහෙක් හෙක්
++++++++++++++++++++++++++++++++++++
Deleteඅපො නෑ.එක මතයක් දරන කොටයි ඒකමතික වෙන්නෙ.ඒක මාත්‍රික ගන්න එකෙන් වෙන්නෙ එකෙක්වත් වෙරි නොවන එකයි.ඒක මාත්‍රිකව ගන්න පුලුවන් කියන්නෙ හරිම පරාර්ථකාමි කියන එක.හරියට වෙරලු ගෙඩිය හතකට බෙදුවා වගෙ. :)
Deleteතිතට මත් විම නොකර කෝමද.. අනික ඉතින් ගන්න අපේ දේ කියලම කියද්දී මේවා එහෙම අහක දන්න පුළුවන්යැ..
ReplyDeleteගන්න අපෙ දේ පොලිස් මාමිලට හොරා
Deleteනියමයි කොලුවො
ReplyDeleteනියම දෙයක් ගැන නොවැ ලිව්වෙ :)
Delete