Pages

Monday, August 11, 2014

ඒකමතිකව වෙරිමත වෙනවා...!!!!


සිනි  ඊස්ට් 
කටු කම්බි සමග කටුස්සො 
ගොඩා බැරල් වලින්
පෙරාලා
හැංගි හැංගි
සදන
කසිප්පු,
කලවිටි  බඩවැටි
අතරින් රිංගා
බිලා වැටෙන
තුන්වෙනි පන්තියෙ
අප්පුහාමිලා…………

රාලහාමිලාට
නැතුවම බැරි
සංස්ථාවෙ  
සිල් අරක්කු
පල් රස  නෑ කසිප්පු වාගෙ,
මේක තමයි
මධ්‍ය පාන්තික
පොදු ජන පානෙ
තහනම් නෑ නෑ  කවදත් හොර බඩු වාගෙ

දිව පැටලෙන ඉංගිරිසි ලොකු ලොකු නම්
එක එක රසයෙන්
නැව් නැග එන වයිවාරන බෝතල්
තොල කට ගාන්නෙත්
පෙර පින් කළ උතුමන්
මැම්බර් වාගෙ අපෙ
ගම්මානෙ නම්...


තිතට මතද? මතට තිතද?  
               නිදිමතින්  
          කවුදො  අහනවා,

   කොහොමින් කොහොමත්
        අපෙ උන් බොනවා.
              අන්තිමෙදි 
        අපෙ ඔක්කොමගෙ
     මත මත මත
            ඒකමතිකව
       වෙරිමත
             වෙනවා...!!!!



   (බයිල රසට සංකල්පනා -- විමු ලියනගේ)













13 comments:

  1. ඒකමතිකව වෙරිමත වෙනවා...!!!! ඒක සැබැයි සැබැයි සැබැයි...

    ReplyDelete
  2. බ්ලොග් එක අපේ දර්ශකයටත් ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න අපේ සින්ඩියට පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  3. වෙරිවීම කියන්නෙ මූලික අවශ්‍යතාවයක් වෙලාද මන්දා ලංකාව ඇතුලෙදි..

    ReplyDelete
    Replies
    1. සිහියෙන් හිටියම හිතන්නෙ මුන් කුඩු බිලා කියලලු.......මෙක ලංකාවනෙ.

      Delete
  4. ඒක මතිකව වෙරි වෙන්න නං කීප දෙනෙක් එකට බීල ඔක්කම එක ගානට වෙරි වෙන්න ඕන ඒකට තමයි ඒකමතිකව වෙරි වෙනව කියන්නෙ
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. අපො නෑ.එක මතයක් දරන කොටයි ඒකමතික වෙන්නෙ.ඒක මාත්‍රික ගන්න එකෙන් වෙන්නෙ එකෙක්වත් වෙරි නොවන එකයි.ඒක මාත්‍රිකව ගන්න පුලුවන් කියන්නෙ හරිම පරාර්ථකාමි කියන එක.හරියට වෙරලු ගෙඩිය හතකට බෙදුවා වගෙ. :)

      Delete
  5. තිතට මත් විම නොකර කෝමද.. අනික ඉතින් ගන්න අපේ දේ කියලම කියද්දී මේවා එහෙම අහක දන්න පුළුවන්යැ..

    ReplyDelete
    Replies
    1. ගන්න අපෙ දේ පොලිස් මාමිලට හොරා

      Delete
  6. Replies
    1. නියම දෙයක් ගැන නොවැ ලිව්වෙ :)

      Delete