Pages

Thursday, October 25, 2012

ඉගිලුනු සැටි හැඩකාර




                     ළපටි දලු ලා පාට

                                   හැඩපලු ගැසුනු සමනල කෝෂ,

                    මේරුණු විට වි තද පාට

                                   දළඹු  බඩගිනිකාර

                                              උන් නැත හැඩකාර,

                    මැරුණු  වියළි කොළ පාට

                                          විසිරෙන සද මදනල හා යාව,

සොයමින් මකරන්ද

                                  ඉගිලුනු සැටි  හැඩකාර......

  (සංකල්පනා -- විමු ලියනගේ)

Tuesday, October 23, 2012

දෙගම්බඩ මහරජුනි, නින්දාවක් නොවනු වස්



                 දෙගම්බඩ මහරජුනි,

                          නින්දාවක් වු සැටි නිල්වලා නින්දගමටම


                            සකපෝරුවට  මැටි         පිඩක්ද

                            වැලි බත් පිසුමට වැලි      අහුරක්ද

                            සාපිපාසවට පැන්            දෝතක්ද

                            ගන්නා උන් , නසා          දමන....


                         දෙගම්බඩ මහරජුනි,

                                 නින්දාවක් නොවනු වස් , නිල්වලා නින්දගමටම


                                           විලිස්සනු තියුනු දත්,    

                                           විලිස්සනු තියුනු දත්, 

  


                                                                 ටිපර් වලින් වැලි           පටවන

                                                                 බැකෝ වලින් ඉව්රු       බිදින
           
                                                                 නින්දගමම නිදන්           කණින

                                                                 කොපුල් වලින් තෙල්     බේරෙන
                                                                         
                                                                 දියවන්නා නෑදෑයෝ,      නස්නු වස්....
                                                                        
                                                                 එකකු වුව  හතර'වරිගෙට සෑහෙන......
                                                         

                                                                   (සංකල්පනා -- විමු ලියනගේ)

   ෴෴෴෴෴  නිමිත්ත෴෴෴෴

           දැනමුතු පරිසරවේදිහූ  දක්නා ලෙස කිඹුලා  යනු බුද්ධිමත් සතෙකි. එමෙන්ම කසළ ශෝධකයෙකි

Monday, October 22, 2012

මලාලා යූසොෆ්සායි

                        

මළකුරු  මිහිදන්  කරවු

ස්වාන් මිටියාවතේ

පිපුණු

සුවද තඹර මල


අන්ධ ලබ්ධික ලෝම පිරි

ගෝත්‍රික බැටලු කුර පහරින්

තිඹිරි ගෙහිම සුසුම්ලන

             
සත්තයි,
                    .
නුඹ යලි සුපිපෙනු ඇත

ස්වර්ගය කම්පිත කරනු වස්,

නුඹේ විරු සුවඳින් උදම්ව

ස්වාන්හි දියණියෝ

ලොම් කබා මසනු ඇත

ඔව් මසනු ඇත

නග්න බැටලු රැල අපාගත කොට

(සංකල්පනා -- විමු ලියනගේ)

 


෴෴෴නිමිත්ත෴෴෴

           මලාලා යූසොෆ්සායි පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ මින්ගෝරා හි බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස වෙනුවෙන් තලේබාන්වරුන්ගේ නීතියට, එරෙහිව හඬ නැගූ මානව කි‍්‍රයාකාරිනියකි. තලේබාන්  තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් හිසට මරණීය තුවාල සිඳුවන විට ඇය 14 හැවිරිදි වියේ පසුවුවාය.






                     

Sunday, October 21, 2012

ගෙඩි ගෙඩි ඔලු ගෙඩි



ලොකු ඔලු ගෙඩි

 

      තඩි ඇස් ගෙඩි


            විසේකාර ඡල්ලි  ඡල්ලි

                               

                     කලුම පාට මුන් ඉස් ගෙඩි

                      

                       (සංකල්පනා -- විමු ලියනගේ)

Saturday, October 20, 2012

මරංචි මොනරෙක්



                                                     

                                                          ස්වර්ණමයැයි සිතු


                                                    රාඡකිය  මරංචි  මොනරෙක්


                                                          යටත්වැසි විඡිතයේ,

 

                                                    පිල්   විදහා   රගන   රැගුමි

 

                                                                  මනරමි,


                                                     දුටිමි   උගේ   අපරභාගෙන්

                                                       

                                                         යාථර්ථයේ  සරදමි

                                                                                    

                                                 (සංකල්පනා -- විමු ලියනගේ)