Pages

Monday, October 22, 2012

මලාලා යූසොෆ්සායි

                        

මළකුරු  මිහිදන්  කරවු

ස්වාන් මිටියාවතේ

පිපුණු

සුවද තඹර මල


අන්ධ ලබ්ධික ලෝම පිරි

ගෝත්‍රික බැටලු කුර පහරින්

තිඹිරි ගෙහිම සුසුම්ලන

             
සත්තයි,
                    .
නුඹ යලි සුපිපෙනු ඇත

ස්වර්ගය කම්පිත කරනු වස්,

නුඹේ විරු සුවඳින් උදම්ව

ස්වාන්හි දියණියෝ

ලොම් කබා මසනු ඇත

ඔව් මසනු ඇත

නග්න බැටලු රැල අපාගත කොට

(සංකල්පනා -- විමු ලියනගේ)

 


෴෴෴නිමිත්ත෴෴෴

           මලාලා යූසොෆ්සායි පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ මින්ගෝරා හි බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස වෙනුවෙන් තලේබාන්වරුන්ගේ නීතියට, එරෙහිව හඬ නැගූ මානව කි‍්‍රයාකාරිනියකි. තලේබාන්  තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් හිසට මරණීය තුවාල සිඳුවන විට ඇය 14 හැවිරිදි වියේ පසුවුවාය.






                     

2 comments:

  1. ඔබගේ සංකල්පනාව අගනේ ය!! නිවැරදි කළ යුතු යම් වරදක් නිමිත්තෙහි දකිමි.

    තලේබාන්වරුන්ගේ නීතිය යනු ෂරියා නීතිය නොවේ. ෂරියා නීතිය යනු ඉස්ලාම් ආගමට අනුව පුද්ගලයන්ගේ හැසිරීම සිදුවිය යුතු ආකාරය යි. මෙහි එක් කොටසක රාජ්‍ය පාලනය අඩංගු වන අතර, එහි කිසි ම තැනක බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස අඩු කොට නැත. ඒ වෙනුවට සියලු දෙනා අධ්‍යාපනය ලැබිය යුතු බව පැහැදිලි ව සඳහන් කර ඇත. තලේබාන් යනු එල්. ටී. ටී ඊ. ය ද්‍රවිඩ ජාතිය විකුණමින් සටන් වැදුනා සේ ඉස්ලාමයේ ජිහාදය සහ ෂරියාව විකුණමින් ඒ නමින් සටන් වදින තවත් එක් ත්‍රස්තවාදී කල්ලියක් පමණි.

    එබැවින් 'තලේබාන්වරුන්ගේ ෂරියා නීතියට' යන්න 'තලේබාන්වරුන්ගේ නීතියට' ලෙස වෙනස් විය යුතු ය.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ගරු කරමි.නිවරදිකර යුතු යමක් වේනම් නිවරදි කරමි.

      Delete