Pages

Tuesday, October 23, 2012

දෙගම්බඩ මහරජුනි, නින්දාවක් නොවනු වස්



                 දෙගම්බඩ මහරජුනි,

                          නින්දාවක් වු සැටි නිල්වලා නින්දගමටම


                            සකපෝරුවට  මැටි         පිඩක්ද

                            වැලි බත් පිසුමට වැලි      අහුරක්ද

                            සාපිපාසවට පැන්            දෝතක්ද

                            ගන්නා උන් , නසා          දමන....


                         දෙගම්බඩ මහරජුනි,

                                 නින්දාවක් නොවනු වස් , නිල්වලා නින්දගමටම


                                           විලිස්සනු තියුනු දත්,    

                                           විලිස්සනු තියුනු දත්, 

  


                                                                 ටිපර් වලින් වැලි           පටවන

                                                                 බැකෝ වලින් ඉව්රු       බිදින
           
                                                                 නින්දගමම නිදන්           කණින

                                                                 කොපුල් වලින් තෙල්     බේරෙන
                                                                         
                                                                 දියවන්නා නෑදෑයෝ,      නස්නු වස්....
                                                                        
                                                                 එකකු වුව  හතර'වරිගෙට සෑහෙන......
                                                         

                                                                   (සංකල්පනා -- විමු ලියනගේ)

   ෴෴෴෴෴  නිමිත්ත෴෴෴෴

           දැනමුතු පරිසරවේදිහූ  දක්නා ලෙස කිඹුලා  යනු බුද්ධිමත් සතෙකි. එමෙන්ම කසළ ශෝධකයෙකි

4 comments:

  1. අගෙයි!! බොහොම අගෙයි!! කොමෙන්ටු යොදද්දී එන වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරනවා නම් පහසුවක් වෙයි!
    ජය වේවා!!

    ReplyDelete
  2. හොද උත්සාහයක්.... කාලීන සමාජීය සිදුවීම් සලකා බලා... තවත් නිර්මාන යොදන්න...

    ReplyDelete