Pages

Saturday, May 4, 2013

දුරින් පිපුනු සිනාසෙන පෙමට



නොහෙලන ඇසි පිය අතරින්
බලා හිදියි ඔබ  දෙස
කියා ගත නොහෙකි
අමුතුම රස රහසක්
නලියයි , දග කරමින්
දෙතොල් මත ,
නුහුරු රුවක් මත් කරමින්  මා දැස
කියන්නට බල කරයි
එම රහස…..

සිනා සෙන මුව මඩල
බොහොම දුරයි
මා නෙතට
නමුදු ඇසේ ලයාන්විත
සිනහ නද
සිහින ලොවින් මගේ දෙසවනට,
කොඳුරන්න එම රහස
ලංවිය හැකිනම්  මට
අද හෙටම…..

එම රහසේ මුදු බව දැනේ නම්
යම් දිනක
ඔබෙ  හදවතට
සෙමින් එය සිපගන්න
මා සිත සුවපත් වෙනු පිනිස!!!

Monday, March 11, 2013

මම රොමියෝ


සුවිසල් මැදුරක

සිනිදු විල්ලුද මත

විස බදුනට

චපලව හිනහෙන

 ඈ තමයි ජුලියට්,

 

විස බදුනට

අවංකව

හතර රියන් යට

වැලපෙන,

මම තමයි

රොමැන්ටික්වූ

රොමියෝ.

 

 

Monday, January 21, 2013

කිරට ඇය වඩියි

විදුලි මිණි පහන් කැට
       එකින් එක නෙතු පියයි
කාකි නිල මුර දරුවෝ
           මුර පොලේ නිදි කිරයි

පාලු වූ විදියේ රකුසු ඇස්
               කාමයෙන් සැරිසරයි

දිවා කල සිල් කොකුන්
               රහසින්ම  පවු  වඩයි
 
දෙනො දහක් නිදන පැය
            විලවුන් පිපිද ඉගි මරයි
සුවපිරි රථ, මොහොතකට
             සුව යහනාවන්   මවයි

කුලිය නොගෙවු කාමරයක
           බිලිදුකු මවු කිර සොයයි
හිස් වූ කුසට අහරක් නොගෙන
             පුතුගේ  කිරට  ඇය වඩියි
               
       .








   
          
               
        

Thursday, December 13, 2012

කෙහෙරලි සලනා සුකුම.. ලි‍යේ

ප්‍රිය සාද හතරැස්    ..                කුටියේ
නෙක පාට විච්චූරණ..              දිලියේ
දිගු කෙහෙරලි සලනා සුකුම..     ලි‍යේ
ඔය රුවට මානෙතු                 ඇවිලේ


නොහැකි තවත් ආලය සගවා       ලන්න
මට හැකිද ඔබ වෙත ලං              වන්න
ඇසුවෙමි සෙමින්,තනිකම් දුර      ලන්න
ලැබුනෙමි කස්තිරම් කන පුරවා    ලන්න


මධුවිතට බැහැ මගේ නෙතු             රවටන්න
පෙරලා නොහැක ආදරයට අත       ඔසවන්න
දෙවියන්ටත් වරදින හැටි                  මෙන්න
මැව්වේ කිම්ද,යටි රැවුලක් ඈ සිත්     රිදවන්න

Sunday, December 9, 2012

මට මාංශයක්

දිලිසෙන පොසිලේන් බඳුනක

      යහන් ගතව

වංශක්කාර හැඳි ගැරුප්පු අතින්

                  සුව සම්බාහන ලබන්නට

                                              සුරුපිනියක දිවග

                                                         සෞමව දැවෙටන්නට

                                              කොහිද වෙන උන් මෙන්

                                                        මට මාංශයක්,