Pages

Monday, November 23, 2015

෴රෝස මල් මිතුරිය෴


මොළකැටි
පොහොට්ටුවක  මුවමත
තොලගෑ කිරි බිදුවින්
පණ ලද
පිපී සුවඳින් රුවින්
හිනහෙන
යෞවනයේ රෝස මල්
මිතුරිය......

සිතල දෙතොල් යට
විසකුරු දළින් හින හෙන
සලැලු සමනල
පහස නොසයන්
රෝස මල්
මිතුරිය

ඇවිත් දැවටි
සුවද ගෙන යන
චංචල සුළගින්
ආත්මයේ
සළුව  රැක ගනු
මැන

රෝස මල් මිතුරිය

සොරාගෙන
ඔබෙ නග්න රුව
තරු අතර
ඔබ මරවන
පැපරාසි
තෙවැනි ඇසින්
වහන් වෙනු මැන
රෝස මල් මිතුරිය

ගෙන දෝතින් නුඹ
දෝවනය කොට
තබා ප්‍රේමයෙ පුජාසනය
මත
පරවි නොයන ලෙස
ආල පැන්
ඉසිනා
කුමරුන්
පැමිණෙන තුරු
වසා වත කමල
නොඉදුල් සුවදින්
ඉවසුනු මැන
 රෝස මල්  යෙහෙළිය෴෴෴

(සංකල්පනා -- විමු ලියනගේ)




Saturday, April 25, 2015

ඔරුව කුමටද



                                       හුදකලාවෙ ඔරුව පෙරලි
                                       නුපුරුදු සිසිලක
                                       මා සිරවි......

මල් රේණු කැලතුනු
 සිතල ජලය ගලා යයි
හින වෙවි මත් වෙවි
කිමිදෙමු ප්‍රේමනිය
තටාකයෙ..........!!!

අවැසි  නැත  එතරවන්නට
ඔරුව කුමටද
එහෙව් මෙ මට
පා වෙවි ඉමි
සිසිල් දිය මත෴෴෴




















Monday, August 11, 2014

ඒකමතිකව වෙරිමත වෙනවා...!!!!


සිනි  ඊස්ට් 
කටු කම්බි සමග කටුස්සො 
ගොඩා බැරල් වලින්
පෙරාලා
හැංගි හැංගි
සදන
කසිප්පු,
කලවිටි  බඩවැටි
අතරින් රිංගා
බිලා වැටෙන
තුන්වෙනි පන්තියෙ
අප්පුහාමිලා…………

රාලහාමිලාට
නැතුවම බැරි
සංස්ථාවෙ  
සිල් අරක්කු
පල් රස  නෑ කසිප්පු වාගෙ,
මේක තමයි
මධ්‍ය පාන්තික
පොදු ජන පානෙ
තහනම් නෑ නෑ  කවදත් හොර බඩු වාගෙ

දිව පැටලෙන ඉංගිරිසි ලොකු ලොකු නම්
එක එක රසයෙන්
නැව් නැග එන වයිවාරන බෝතල්
තොල කට ගාන්නෙත්
පෙර පින් කළ උතුමන්
මැම්බර් වාගෙ අපෙ
ගම්මානෙ නම්...


තිතට මතද? මතට තිතද?  
               නිදිමතින්  
          කවුදො  අහනවා,

   කොහොමින් කොහොමත්
        අපෙ උන් බොනවා.
              අන්තිමෙදි 
        අපෙ ඔක්කොමගෙ
     මත මත මත
            ඒකමතිකව
       වෙරිමත
             වෙනවා...!!!!



   (බයිල රසට සංකල්පනා -- විමු ලියනගේ)













Thursday, July 24, 2014

නොහඩන් පුතුනි..!!!


ගිනි පුපුරු  විසිරි
සරු බිමම වැනසි,
පුතුනි
නුඹ මෙන්ම,
මතු දින
උපදින උන්ටද
හිමිය අහිමි බව

නොහඩන් පුතුනි..!!!
ඉකිබිදිනු කුමට
වපුරනු තබා
වැලලෙන්න
බිම් කඩක් අහිමි
අප,
එන තුරු  
හිදිමු
රත්වූ මුනිස්සම්
වෙස් ගෙන
මරනයෙ දෙව්දුව.
෴෴෴෴

(සංකල්පනා -- විමු ලියනගේ)

Tuesday, June 17, 2014

රංග,මොහොමඩ්,සෆ්නා,රාජා,කුමා



රංග,මොහොමඩ්,සෆ්නා,රාජා,කුමා

අඩේ,

අපි ඔක්කොම

අත්වැල් බැදන්,

එක හුස්මක් අරන්

හින වුනා දැන් ඇතිද…???

මිනී කන කපුටන්ට
බදු දුන්න දේශයක
ජාතිවාදි අකුණු
ගිනි තබන දේශයක,
ආගමේ අනුහසින්
කඩු කිනිසි පොලු මුගුරු
පන ගසා
මනුසතුන්
බිලි ගන්නා
අඳුරුම කලක,
එක හුස්මක් අරන්
අපි
හින හෙන්නෙ කෝම…..



එක හඩින්
හද ගැහෙනා
අපට
දිව ගිලි මිය ගියත්
ලේ බොන්න බැහැ
මචන්
පිසාචයන් ලෙසට….